කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) මූලිකත්වයෙන් පවත්වන සමාගම් හවුල්කාර වැඩසටහනේ 10 වැනි අදියර 'ජාතික පරිවර්තනයේ රිද්මයට පුරෝගාමීත්වය' යන තේමාවෙන් පසුගිය ජනවාරි 27 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අති උත්කර්ෂවත් උත්සවයකදී එම සමාගම් හවුල්කාර වැඩසටහන නිල වශයෙන් දියත් කරන ලදී.
ව්‍යාපාර දියුණුව කරා මෙහෙයවීමට සහ විශිෂ්ටත්වය අත්පත් කරගැනීමට අවශ්‍ය අති නවීන සහ උසස් වෘත්තීය ක්‍රමවේද පිළිබඳ අවබෝධය, ප්‍රායෝගික දැනුම සහ හා තාක්ෂණික ඥාණය වෘත්තිකයන් වෙත ලබාගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා, කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) මෙරට ප්‍රධාන පෙළේ ආයතන හා හවුල් වී මෙම සමාගම් හවුල්කාර වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන අතර, 2016 වසරේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ 10 වැනි අදියර සමග ප්‍රධාන පෙළේ ආයතන 31 ක් හවුල් වී ඇති බවද නිවේදනය කෙරිණි.
CIMA ශ්‍රී ලංකා අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති මංජුල ද සිල්වා මහතා මෙම වසරේ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, "ජනතාවට සහ ව්‍යාපාරයන්ට ජයග්‍රහණ අත්කර ගැනීමට සහයෝගය ලබාදීම යන CIMA පරමාර්ථය අනුව යමින් CIMA වෘත්තීමය සුදුසුකම්ලාභීන් සැලකිය යුතු පිරිසකට රැකියා ලබාදෙන ආයතන සමග ඉතා සමීපයෙන් සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව CIMA විශ්වාස කරනවා" යනුවෙනි.
ලෝ ප්‍රකට දේශකයන් විසින්, ව්‍යාපාරයක හෝ පෞද්ගලිකව රඳාපවතින දියුණුවක් අත්කර ගැනීම සඳහා නිපුණතා හුරු කරවීම වෙනුවෙන් පවත් වන පුහුණු කිරීම් සහ කණ්ඩායම් වැඩමුළු සඳහා සහභාගී වීමේ අවස්ථාව CIMA සමාගම් හවුල්කාර වැඩසටහනේ නියෝජිතයන්ට උදාවනු ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.
2016 වසරේ සමාගම් හවුල්කාර වැඩසටහනට සහභාගී වන ආයතන හා සමාගම්
එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්) සමාගම, ලංකා බැංකුව, සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී, සී.අයි.සී. හෝල්ඩිංග්ස් පීඑල්සී, සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී, කෝට්ස් ත්‍රෙඩ් පීඑල්සී, කොමර්ෂල් බැංකුව, ධර්මවාහිනී පදනම, ඩීසල් ඇන්ඩ් මෝටර් ඉන්ජිනියරින් පීඑල්සී, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා (පෞද්) සමාගම, හැටන් නැෂනල් බැංකුව, හේලීස් පීඑල්සී, හයිඩ්‍රාමනී ගෘප්, හොල්සිම් (ලංකා) සමාගම, එච්.එස්.බී.සී. ඉලෙක්ට්‍රොනික් ඩේටා ප්‍රොසෙසින්ග් ලංකා (පෞද්) සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කේ.පී.එම්.ජී, ලංකෙම් සිලෝන් පීඑල්සී, ලංකා ඔරික්ස් ලීසිං කම්පැනි පීඑල්සී, මාස් හෝල්ඩිංග්ස්, මිලේනියම් අයි.ටී, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී, නෙස්ට්ලේ ලංකා පීඑල්සී, පෑන් ඒෂියා බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, සිංගර් (ශ්‍රී ලංකා), යූනියන් ඇෂුවරන්ස්, විජය පුවත්පත් සමාගම, ඩබ්.එන්.එස්. ග්ලෝබල් සර්විසර්ස් (පෞද්) සමාගම.