CIC හෝල්ඩින්ස් පී.එල්.සී ආයතනයේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර මහත් පත්කර තිබේ.
හිටපු සභාපති ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා සභාපතිවරයා වශයෙන් වසර 18ක සිය සේවා කාලයට සමුදීමත් සමග ඔහු එම තනතුරට පත්කර තිබේ.
2005 වසරේ සිට විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස CIC හෝල්ඩින්ස් පී.එල්.සී. හි සේවය කළ හර්ෂ අමරසේකර මහතා, 2013 දෙසැම්බර් 31 වැනිදා ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2014 ජනවාරි 01 වැනිදා සිට අධ්යක්ෂ මණ්ඩලයේ වැඩබලන සභාපති වශයෙන් කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ ප්රමුඛ නාමයක් දිනා සිටින, විවිධ වූ කෘෂිකාර්මික හා රසායන ද්‍රව්‍ය සමාගමක් වන CIC හි සිව්වන සභාපතිවරයා වශයෙන් අමරසේකර මහතා පත් කෙරේ.
2014 මැයි 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අමරසේක මහතාගේ නව ධුරයේ වැඩ භාරගන්නා ලදී.
CIC සමාගම පසුගිය වසරේදී ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන ලදී.