ආහාර ඇසුරුම් කිරීම සඳහා වඩාත් යෝග්‍ය මාධ්‍ය වීදුරු බැවිනුත්, එහි සුවිශේෂී ගුණය හා ලක්ෂණය මෙසේ ආහාර ඇසුරුම් කිරීඹ සඳහා ඉතා සුදුසු බැවිනුත්, ශ්‍රී ලාංකිකයන් අතර වීදුරු ඇසුරුම් භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් Believers in Glass දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි.
Believers in Glass ව්‍යාපාරය සාර්ථක ලෙස ජනතාව වෙත ගෙනයෑම සඳහා මිස්ටර් ග්ලාස් නමින් සංකේතයක්ද හඳුන්වාදීම සිදුකෙරිණි.
සංවර්ධිත රාජ්‍යයන් තුළ ආහාර, ඖෂධ ඇසුරුම් කිරීමේ වඩාත් යෝග්‍ය මාධ්‍ය ලෙස වීදුරු යොදා ගන්නා බවත්, ලොව ඉහළ පෙළේ හෝටල් සහ අවන්හල්ද සිය පාරිභෝගිකයන් වෙත ජලය හා ස්ප්‍රීතු පිළිගැන්වීමේදී ඒවා වීදුරු බෝතල්වල තිබේදැයි යන්න වඩාත් සැලකිලිමත් වන බවත් මෙහිදී පැවසුණි.
මේ සඳහා www.believersinglass.com නමින් වෙබ් අඩවියක්ද දියත් කර තිබේ.