ජනශක්ති රක්ෂණ සමාගම විසින් AIA රක්ෂණ සමාගමේ රු.බිලියන 3.2 ක වටිනාකමින් යුත් 100% ක සාමාන්‍ය රක්ෂණ කොටස් අත්පත් කරගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව පසුගිය සිකුරාදා (09දා) නිවේදනය කළේය.
මෙම ගිවිසුමට අදාළ අනුමැතීන් සහ සෙසු කටයුතු ඔක්තෝබර් අග භාගය වනවිට අවසන් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි. AIA ජෙනරල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, AIA රක්ෂණ ලංකා සමාගමට පූර්ණ අනුබද්ධ ශාඛාවක් ලෙස හැඳින්වෙයි.