ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මුදල් අමාත්‍යවරුන්ගේ 49 වැනි සමුළුව පසුගිය මැයි 02 වැනිදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී ආරම්භ විය.
මීට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිස 02 දා අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව මුදල් අමාත්‍යාංශය කියයි.
මැයි මස 02 සිට 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල් 67ක මුදල් අමාත්‍යවරුන් ඇතුළු 3,000කට අධික උසස් නිලධාරීන් සහභාගී වීමට නියමිතය. මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ ස්ථාවරභාවය සඳහා සහයෝගීතාව (Cooperating for Sustainability) යන්නයි.