බදුල්ල සිට චෙන්කලාඩි දක්වා A5 මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 60ක මූල්‍යාධාර සැපයීමට සංවර්ධනය සදහා වූ සෞදි අරමුදල පියවර ගෙන ඇත.
බදුල්ල සිට චෙන්කලාඩි දක්වා A5 මාර්ගය ප්‍රතිසංස්කරණය මඟින් ඒ ආශ්රිත හුදකලා ප්‍රදේශවල වෙසෙන ග්‍රාමීය ප්‍රජාව ජතික ආර්ථිකය සමඟ ඒකාබද්ධ කෙරෙන අතරම, ඔවුන්ට වෙළෙඳ පොළ, පාසල්, රෝහල් වැනි සමාජයීය යටිතල පහසුකම් වෙත කඩිනමින් පිවිසීමට ඇති ඉඩප්රස්ථා ඉහළ නැංවීමට අපේක්ෂිත බව මුදල් අමාත්‍යාංශය කියයි. සංවර්ධනය සදහා වූ සෞදි අරමුදල සමග මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සම මූල්‍යය දායකත්වය ලබාදෙන අතර, ව්‍යාපෘතිය සඳහා වැය මුළු පිරිවැය ඇ.ඩො. මිලියන 140ක් බවද අමාත්‍යාංශය කියයි.
2% ක වාර්ෂික පොළි අනුපාතිකයක් යටතේ සැපයෙන ඇ.ඩො. මිලියන 60 ක් වූ මෙම මූල්‍යාධාරය නැවත පියවීමේ කාලය වසර 25ක් වන අතර ඊට වසර 5ක සහන කාලයක්ද ඇතුලත් බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.