ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේදීත් “Rumble in the Jungle 2018” මවුන්ටන් පාපැදි තරඟාවලිය සාඩම්බර ලෙස ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්ක 04ක් පුරා දර්ශනීය ස්ථාන පසුකරමින් සිදුකරන අභියෝගාත්මක මවුන්ටන් පාපැදි තරඟාවලිය සඳහා දෙස් විදෙස් තරඟකරුවන් සිය ගණනක් කාන්තා සහ පිරිමි අංශයෙන් අද (09දා) සිට ජූනි මස 15 වැනිදා දක්වා තරඟ කිරීමට නියමිතය.
පිරිමි සහ කාන්තා තරඟකරුවන් සඳහා ප්රමථම ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ත්යාමග සමසමව බෙදා දීමට කටයුතු කරනු ඇත. කාන්තා සහ පිරිමි වයස් කාණ්ඩයේ ජයග්රා හකයන් සඳහා ජයස්මාරක පිළිගැන්වීමට කටයුතු යොදා ඇත. සෑම දෛනික අදියරක් තුළින් ජයග්‍රාහණය කරන ලබන පළමු කාන්තා සහ පිරිමි ජයග්රාුහකයන් සඳහා ත්යාෑග පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙම තරඟය සම්පූර්ණ කළ සියලුම තරඟකරුවන් සඳහා සම්මාන සහ සිහිවටන පිරිනැමීමට කටයුතු කරනු ඇත.
සියලුම තරඟකරුවන් අද (09දා) මීගමුවේදී රැස්වන අතර, ඊට පසුදින ආරම්භ වීමට නියමිත තරඟය සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ කුඩා ඔය වෙත මීගමුවේ සිට ඔවුන් රැගෙන යනු ඇත. පළමු වැනි අදියර ආරම්භ වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් උසින් වූ භූමි භාගයක වන අතර, ඒ සඳහා මීටර් 2,386ක දුරක් කඳු වශයෙන් ගමන් කිරීමටත් කි.මී 77ක දුරක් එක් දිනක් තුළ හපුතලේ වෙත තරඟකරුවන්ට ගමන් කිරීමටත් සිදුවනු ඇත.
දෙවැනි දිනයේදී හපුතලේ සිට ලිප්ටන් තේ වතුයාය දක්වා පාපැදිකරුවන් ගමන් කිරීමට නියමිත වේ. මේ දිනයේදී සමස්ත වශයෙන් කි.මී 57 සංචාරය කිරීමටද මීටර් 1,857 කඳු තරණය කිරීමට තරඟකරුවන්ට සිදුවනු ඇත. මෙම තරගයේ සුවිශේෂි අවස්ථාවක් වන්නේ තේ වතු මැදින් මීටර් 1,200 ප්‍රමාණයක් කඳු තරණය කිරීමට සිදුවන නිසාය. මෙම සංචාරයේදී මීටර් 500 සහ මීටර් 700 කඳු තරණය කිරීමේ අතිශය වෙහෙසකර පාපැදි තරඟයක් සඳහා මුහුණ දීමට සිදුවනු ඇත.
තෙවැනි දිනයේදී ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද වෙත මීටර් 1300 කඳු තරණය තුළින් තරඟය ආරම්භ වන අතර තරඟකරුවන් විසින් කි.මී 66 ක පමණ දුරක් සංචාරය කරමින් මීටර් 2,900ක් කඳු තරණය කිරීමෙන් නුවරඑළිය වෙත තරගකරුවන් ගමන් කරනු ඇත.
හතරවැනි දිනයේදී තරඟකරුවන් නුවරඑළියේ සිට නකල්ස් කඳු පෙළ වෙත ගමන් කරනු ඇත. මෙම සංචාරය සඳහා සමස්ත වශයෙන් දුර ප්‍රමාණය කි.මී 100 වන අතර මීටර් 2,003 කඳු තරණය කිරීමක්ද මීට ඇතුලත්ය. මෙම දිනයේදී මහියංගනයෙන් පාපැදි ධාවනය අවසන් වනු ඇත.
පස් වැනි දිනයේ දී තරඟාවලිය සඳහා මීටර් 935ක් කඳු තරණය කිරීම ඇතුළුව සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 55 සංචාරය කරමින් හෙට්ටිපොලදී තරඟය අවසන් වන අතර පසුව තරඟකරුවන් සියලු දෙනා වෙත දඹුල්ල නගරයේදී ත්‍යාග ප්රදානය සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දිගුකාලීන පාර්ශ්වකරුවෙකු වන ත්‍රාසජනක සංචාර සඳහා (www.lsrtravel.com) ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක මෙහෙයවන්නෙකු වන ලංකා ස්පෝට්ස්රයිසන් (Lanka Sportreizen) (LSR) හා එක්ව ගුවන් සමාගම මෙම වැඩසටහන සංවිධානය කර ඇත.