People’s Remittance - දූ දරු ප්රණාම විශේෂ දිනුම් ඇදීමක් මහජන බැංකුවෙන්
ලෝක ළමා දිනයට සමගාමීව, විදේශගතව වෙසෙන හා සේවය කරන ශ්රී ලාංකිකයින්ගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම් දිරි ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව විසින් 'People's Remittance දූ දරු ප්රණාම' විශේෂ දිනුම් ඇදීම 2026 ඔක්තෝබර් 01 දින සිට දියත් කර තිබේ.
2026.10.01 සිට 2026.12.31 දක්වා ක්රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, 'එතෙර උදාන' බාලවයස්කරුවන්ගේ පුද්ගල විදේශ මුදල් ඉතිරිකිරීමේ ගිණුම (Personal Foreign Currency Minors' Savings Account) වෙත People's Remittance සේවාව හරහා විදේශ ප්රේෂණ ලැබී ඇති ගිණුම් හිමි දරු දැරියන්ට දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වේ. එම දිනුම් ඇදීමෙන් ජයග්රහණය කරන දරු දැරියන්ට රු.5,000ක් වටිනා පාසල් උපකරණ කට්ටල දිනාගැනීමේ අවස්ථාව සලසා ඇත.
ශ්රී ලංකාවේ ආර්ථිකයට විදේශගත ශ්රී ලාංකිකයින්ගෙන් ලැබෙන වටිනා දායකත්වය අගය කරමින්, ඔවුන් උපයන විදේශ විනිමයෙන් කොටසක් තම දරුවන්ගේ මූල්ය සුරක්ෂිතතාව, අධ්යාපනය සහ අනාගත අපේක්ෂාවන් වෙනුවෙන් ඵලදායී ලෙස ඉතිරි කිරීමට දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණකි. එසේම, විධිමත් මාර්ග ඔස්සේ මෙරටට විදේශ ප්රේෂණ ගෙන්වා ගැනීම තවදුරටත් ප්රවර්ධනය කිරීම ද මහජන බැංකුවේ අරමුණු අතර වේ.
'එතෙර උදාන' බාලවයස් විදේශ මුදල් ඉතිරිකිරීමේ ගිණුම
විදේශගතව සිටින දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් විදේශ මුදලින් ඉතිරි කිරීමටත්, එමඟින් ඔවුන්ගේ අධ්යාපන කටයුතු, අනාගත අපේක්ෂාවන් සහ ජීවිතයේ වැදගත් අවස්ථා සඳහා ශක්තිමත් මූල්ය පදනමක් ගොඩනඟා ගැනීමටත් මහජන බැංකුව විසින් 'එතෙර උදාන' බාලවයස් විදේශ මුදල් ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දී ඇත.
'එතෙර උදාන' ගිණුම් හිමි දරුවන් සඳහා ඉහළ යන ගිණුම් ශේෂය මත අමතර පොලී ප්රතිලාභ, තෝරාගත් ගාස්තු නිදහස් කිරීම්, උසස් අධ්යාපනය සඳහා විදේශගත වන අවස්ථා වල විශේෂ ප්රතිලාභ මෙන්ම, අ.පො.ස. සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාගවල කැපී පෙනෙන ප්රතිඵල ලබා ගන්නා දරුවන් සඳහා මුදල් ත්යාග ඇතුළු ප්රතිලාභ රැසක් ලබාදීමටද කටයුතු කර ඇත. අදාළ සුදුසුකම් සහ කොන්දේසි අනුව විශේෂ රක්ෂණ ආවරණ සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාවද මෙම ගිණුම මඟින් හිමි වේ.
මීට අමතරව People's Remittance සේවාව හරහා මහජන බැංකුව වෙත විදේශ ප්රේෂණ ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා ක්රියාත්මක 'People's Remittance වාසි කෝටිය 2026' දිනුම් ඇදීම මඟින් ද මුදල් ත්යාග සහ දිනුම් අවස්ථා රැසක් පිරිනැමේ. වැඩි වැඩියෙන් විදේශ ප්රේෂණ මහජන බැංකුව වෙත එවනු ලබන ගනුදෙනුකරුවන්ට ඒ අනුව වැඩි දිනුම් අවස්ථා හිමි වේ.
තවද, විදේශ අධ්යාපන කටයුතු සඳහා සිදුකරන TT (Telegraphic Transfer) ගෙවීම් හා ගිණුම් ශේෂ තහවුරු ලිපි සඳහා බැංකු ගාස්තු අය නොකිරීම මෙන්ම, අධ්යාපන අවශ්යතා සඳහා 'People's Wisdom' ණය පහසුකම ඇතුළු සේවා රැසක් ද මහජන බැංකුව විසින් පිරිනමනු ලබයි.
'People's Remittance - දූ දරු ප්රණාම' දිනුම් ඇදීම සහ 'එතෙර උදාන' ගිණුම පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම ඇති මහජන බැංකු ශාඛාව වෙත පිවිසීමෙන්, 011 233 2746 දුරකථන අංකය ඇමතීමෙන් හෝ +94 70 125 0294 අංකය ඔස්සේ WhatsApp මඟින් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

