Oktoberfest at the Edge 2026 සමග මහජන බැංකුව එක්වෙයි
මහජන බැංකුව, Waters Edge හි 2026 ඔක්තෝබර් 16, 17 සහ 18 යන දිනවල පැවැත්වෙන 'Oktoberfest at the Edge 2026' හි නිල බැංකුකරු ලෙස කටයුතු කරන බව නිවේදනය කරයි.
මෙම සහයෝගිතාව සඳහා වන ගිවිසුම් අස්සන් කිරීම පසුගියදා සිදුකෙරුණු අතර, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගෙවීම් සහ කාඩ්පත්) අයි.කේ. ඉන්දික, Waters Edge සාමාන්‍යාධිකාරී ඉයන්ත අබේසිංහ යන මහත්වරුන් ඇතුළු ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිලධාරින් මේ අවස්ථාවට සහභාගි වූහ.
මේ තුළින් මහජන බැංකුව සහ Waters Edge අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, අදාළ කාලසීමාව තුළ පීපල්ස් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂ ප්රතිලාභ රැසක් පිරිනැමේ. එමෙන්ම පීපල්ස් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ප්‍රවේශපත්‍ර සඳහා 25% ක වට්ටමක් හිමි වේ.
'Oktoberfest at the Edge 2026' සඳහා කොළඹ සහ ඊට ආසන්න ප්‍රදේශවලින් ආසන්න වශයෙන් පාරිභෝගිකයින් 3,000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර. මෙමඟින් එම පාරිභෝගිකයින් වෙත බැංකු සේවා සැපයීමට මහජන බැංකුවට අවස්ථාව සැලසෙනු ඇති බවද මහජන බැංකුව නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
