NYK නව පරපුරේ ‘Azalea Leader’ රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොටට
ලොව ප්රමුඛ නාවික සමාගමක් වන NYK සමාගමට අයත්, LNG ද්විත්ව ඉන්ධන තාක්ෂණයෙන් යුත් නව පරපුරේ රථ ප්‍රවාහන නෞකාවක් වන Azalea Leader පසුගියදා පළමු වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය.
සිංගප්පූරුවේ සිට පැමිණි නෞකාව, ප්‍රතිනැව්ගත කිරීම සඳහා වාහන 4,810ක් සහ තවත් දේශීයව ආනයනය කළ ඒකක 47 ක් රැගෙන ආ අතර, එහි සමස්ත වාහන ප්‍රවාහන ධාරිතාව ඒකක 7000ක් පමණ වේ. මීටර් 200කට ආසන්න දිගකින් යුත් Azalea Leader 2026 වසරේ නිෂ්පාදිත නෞකාවක් වන අතර, ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරයි.
සිංගප්පූරුව සහ හම්බන්තොට අතර NYK සමාගම පවත්වාගෙන යන නිත්‍ය ප්‍රවාහන සේවය යටතේ මෙම නෞකාව හම්බන්තොටට පැමිණියේය.
හම්බන්තොට හරහා මැදපෙරදිග වෙළෙඳපොළ වෙත ප්‍රතිනැව්ගත කෙරෙන වාහන ප්‍රමාණය ඉහළ යමින් පවතින අතර, ඒ සමඟ ආසියාව සහ මැදපෙරදිග සම්බන්ධ කරන මෝටර් රථ ප්‍රවාහන ජාලයේ හම්බන්තොට වරායේ කාර්යභාරය ද පුළුල් වෙමින් පවතී.
Azalea Leader නෞකාව LNG ද්විත්ව ඉන්ධන තාක්ෂණයෙන් බලගැන්වෙන අතර, එහි ප්‍රධාන එන්ජිමෙන් නිකුත් වන නයිට්රජන් ඔක්සයිඩ් (NOx) අවම කිරීම සඳහා Exhaust Gas Recirculation (EGR) තාක්ෂණය ද භාවිත කරයි. වඩා කාර්යක්ෂම සහ අඩු විමෝචනයක් සහිත නෞකා වෙත ගෝලීය නාවික කර්මාන්තය යොමුවෙමින් පවතින පසුබිමක මෙය සේවයට එක්වූ නව පරපුරේ රථ ප්‍රවාහන නෞකාවකි.
මේ පිළිබඳ අදහස් දැක්වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂු මහතා පැවසුවේ, නාවික සමාගම් සිය නවතම හා තාක්ෂණික වශයෙන් දියුණු නෞකා හම්බන්තොට වෙත යොමු කිරීම වරායේ RoRo මෙහෙයුම් හැකියාව පිළිබඳ වැදගත් සලකුණක් බවයි.
“Azalea Leader නෞකාවේ පැමිණීම වැදගත් වන්නේ, නාවික සමාගම් සිය නවතම හා වඩාත් දියුණු නෞකා හම්බන්තොට හරහා මෙහෙයවීමට යොමුවන ආකාරය එයින් පෙන්නුම් කරන නිසයි. මෙවැනි නෞකා ආරක්ෂිතව හා කාර්යක්ෂමව, අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මෙහෙයවීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, පද්ධති සහ යටිතල පහසුකම් අප සතුව තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්‍රධාන නැගෙනහිර-බටහිර නාවික මාර්ගයට ආසන්නව පිහිටි හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මැදපෙරදිග ඇතුළු වෙළෙඳපොළ වෙත වාහන ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කරමින් සිටී. නව පරපුරේ විශාල හා තාක්ෂණික වශයෙන් දියුණු රථ ප්‍රවාහන නෞකා හැසිරවීමේ හැකියාව, ගෝලීය මෝටර් රථ සැපයුම් ජාලය තුළ හම්බන්තොට වරායේ සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වන බව HIPG සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

