ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) මගින් සංවිධානය කරනු ලබන චීන ආයෝජන සමුළුවක් අද (24දා) පෙ.ව.9.00ට කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ වෙයි.
චීනයේ පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන චීන ජාත්‍යන්තර වානිජ මණ්ඩලයේ (CICCPS) සභාපති/මහලේකම් ධුරය දරනු ලබන වෑන් යන්ගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් 20 දෙනෙකුගෙන් යුතු ව්‍යාපාරික නියෝජිතයන් පිරිසක් මෙම සමුළුව සඳහා සහභාගී වීමට නියමිතය. CICCPS යනු චීනයේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් විදේශ ආයෝජනය සඳහා පහසුකම් සපයනු ලබන වානිජ මණ්ඩලයකි.
2014 වර්ෂයේදී CICCPS, සමස්ත චීන වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලන අතුරින් 'වසරේ වානිජ මණ්ඩලය'ට හිමි සම්මානය හිමි කරගත් අතර, චීන වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය යටතේ පරිපාලනය වන වානිජ මණ්ඩලයක් ද වේ. CICCPS ආසියා පැසිපික් වෙළෙඳ ගිවිසුම් වානිජ මණ්ඩලය පිහිටුවීම සඳහා ඉමහත් දායකත්වයක් ලබාදුන් ආරම්භක සාමාජිකයෙකුද වන අතර 2017 වර්ෂයේ සිට FCCISL හා එක්ව කටයුතු කරනු ලබයි.