ETI ගනුදෙනුව සම්බන්ධයෙන් බෙන් හෝල්ඩින්ග්ස් සහ බ්ලූසමිට් කැපිටල් ආයතන ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් අනවශ්‍ය බලපෑම් සහ පදනම් විරහිත චෝදනාවලට ලක්ව ඇති බව පවසයි.
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) සමාගමේ වත්කම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිරයන කතාබහ පිළිබඳව බෙන් හෝල්ඩින්ග්ස් සහ බ්ලූසමිට් කැපිටල් ආයතනවල අධ්යක්ෂ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු පවසයි.
ETI ගනුදෙනුවේ අවසාන වාරිකය වූ ඇ.ඩො.මිලියන 16ක මුදල 2018 නොවැම්බර් තරම් කාලයකදී ගෙවා නිම කරන ලද බවත්, කෙසේ වුවද, මෙම අවස්ථාව වනවිට ඇතැම් ආයෝජන වත්කම් පිළිබඳව ගනුදෙනුකාර පාර්ශ්ව අවසන් එකඟතාවකට නොපැමිණි බැවින් හා තවදුරටත් මෙම අවස්ථාවේදී පැවති තත්ත්වය මත අධ්යක්ෂ මණ්ඩලය මෙම ගනුදෙනුව ගැටළුසහගත වූ බැවින් අවසන් ගෙවීම නැවත ගැනුම්කාර පාර්ශ්වය වෙත ලබාගන්නා ලද බව කියයි.
කෙසේ වුවත්, ETI අධ්යක්ෂවරුන් විසින් මෙම ගනුදෙනුවේ නිල තත්ත්වය පැහැදිලි කළ බැවින් අවසන් ගෙවීම වූ ඇ.ඩො.මිලියන 16ක මුදල ගෙවීමට සියලු කටයුතු සූදානම් කළ බවද ඔවුන් පවසයි. එසේ වුවද, වැරදි න්‍යාය පත්රයන් ඇති කණ්ඩායම් විසින් මහජනතාව නොමඟ යවනසුළු අසත්‍ය තොරතුරු සහිත නිවේදන ඉදිරිපත් කර ඇති බවද ඔවුන් කියයි.
ETI වත්කම් හයිමිකර ගැනීම සඳහා වූ ඇ.ඩො.මිලියන 54ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අධීක්ෂණය යටතේ යුරෝපයේ ඇති කීර්තිමත් ප්රමුඛ පෙළේ බැංකුවක් හරහා ගෙවන ලද බව පවසන බෙන් හෝල්ඩින්ග්ස් සහ බ්ලූසමිට් කැපිටල් ආයතන ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ඔවුන්ව අනවශ්‍ය බලපෑම් සහ පදනම් විරහිත චෝදනාවල්ට ලක්කර ඇති බවද සඳහන් කරයි.
මේ පසුබිම යටතේ ආයෝජකයන් විසින් EAP සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ හෝටල් සහ අනෙකුත් දේපළ සහ ව්‍යාපාර අංශ සඳහා කළ ආයෝජනයෙහි ආරක්ෂාව පිණිස පියවර ගන්නා ලද බවත්, ගනුදෙනුව අධීක්ෂණය කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල තීරණය මත පදනම්ව සිය ඉදිරි පියවර කුමක්ද යන්න තීරණය කරනු ඇති බවද පවසයි.