ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 15 වැනි අපනයනකරුවන්ගේ සංසදය, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14දා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.
අදාළ සැසිවාරයට සමගාමීව රාජ්‍ය අංශයේ ආයතන සමග අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළෙඳ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා මෙම සැසිය පවත්වන ලදී.
රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය නියෝජනය කළ නියෝජිතයන් රැසක් මෙම සමුළුවට සහභාගී වූ අතර, අපනයනකරුවන්ගේ ගැටලු 18ක් සඳහා විසඳුම් ලබාදීමට මෙහිදී සාකච්ජා කර තිබේ. සෑම දෙමසකට වරක් අපනයනකරුවන්ගේ සංසදය පවත්වනු ලැබේ.
මෙහිදී, පොල් මද ආනයනයේදී ශාක නිරෝධායන සහතිකය දින 5ක් ඇතුලත ලබාදීමට ජාතික ශාක නිරෝධායන සේවය එකඟතාව පළ කර තිබේ. තවද, අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී තිබිය යුතු ප්‍රමිතිය පරික්ෂා කිරීම සඳහා අන්තර්ජාතිකව පිළිගත් පරීක්ණාගාරවලින් ලබාගත් සහතික පිළිගැනීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එකඟත්වය පළ කර ඇත.
මෙහිදී, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේ අපනයනකරුවන් රටේ වැදගත්ම කොටසක් බවය. ඒ සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. තවද, සියලුම නිලධාරීන් ලබාදෙන සහයෝගයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.