තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට කෙසේ හෝ මුහුණ දිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.
Read Moreවසර 2030 වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ඩිජිටල්කරණයට යොමු කරමින් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් උපයාදීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කර ඇති “ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වූ 2030 උපාය මාර්ගික ක්‍රියාවලිය” වෙනුවෙන් ලෝක බැංකුවේ අඛණ්ඩ තාක්ෂණික සහාය හිමි වී තිබේ.
Read Moreමෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
Read Moreට්විටර් හෙවත් x සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු කරමින් පවතින පව එහි හිමිකරු ලොව අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් පවසයි. සිය ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ වීඩියේ සහිතව හා රහිතව ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව මේ හරහා ලබාදෙන බවයි.
Read Moreසෝවියට් දේශය, ඇමෙරිකාව හා චීනයට පසුව සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්ස වූ රට බවට ඉන්දියාව අද වාර්තා අතරට එක්විය.
Read Moreපැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමු ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත් කිරීම බවත් ඊට අනුගත ව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරක දී අදහස් දක්වමිනි.
Read Moreවිකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිශ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.
Read Moreජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ නව තාක්ෂණික සොයා ගැනීම් හා පර්යේෂණ සංවර්ධනය වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට අපේක්ෂා කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.
Read Moreලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වෙන ට්විටර් මාධ්‍ය ජාලයේ සලකුණ ලෙස භාවිත කළ නිල් පැහැති කුරුල්ලා සලකුණ වෙනුවට සමාජ මාධ්‍ය තුළ භාවිත කරන සුනඛයෙකුගේ (Doge Meme) රූපයක් යෙදීමට එලෝන් මස්ක් කටයුතු කර තිබේ.
Read Moreජලයේ ගිල්විය හැකි මෙන්ම ගුවන්නේ පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.
Read Moreලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
Read Moreලොව සුපතල සමාජ මාධ්‍ය වේදිකාවක වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලට ගැනීමේ ගිවිසුම අවසන් කිරමට ලෝකයේ අංක එකේ ධනවතා වන ඉලෝන් මස්ක් කටයුතු කර තිබේ.
Read Moreලෝකයේ ඇතැම් කලාප වලින් වට්ස් ඇප් මාධ්‍ය ජාලයේ බිඳ වටීමක් වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ඇතැම් පරිශීලකයන් වෙත වට්ස් ඇප් පණිවිඩ යොමුකිරීමට හෝ ලබා ගැනීමට නොහැකි වී ඇති සඳහන් වෙයි.
Read Moreචීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයෙ අභ්‍යාවකාශගාමීන් තිදෙනා විසින් ප්‍රථම වරට වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට විද්‍යා දේශනයක් සජීවීව විකාශය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
Read Moreලොව ජනප්‍රිය විදුලි මෝටර් රථ මාදිලියක් වන Tesla හි නිර්මාතෘවරයා වන සුප්‍රසිද්ධ ව්‍යවාසයක එලෝන් මස්ක් පසුගියදා සිය නවතම ඉදිරිපත් කිරීම ලෙස Optimus නමින් මානවරූපී රොබෝවක මූලාකෘත්රියක් හඳුන්වාදුන් බව විදෙස් මාධ්‍ය පවසයි. එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පාලෝ ඇල්ටෝහිදී පැවැති Tesla AI Day 2022 අවස්ථාවේදී මෙම නවතම හඳුන්වාදීම සිදුව තිබේ.
Read MoreCOVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. මුහුණු ආවරණ භාවිතය පහත වැටෙන විට සහ තවත් රටවල් වෛරස් සීමා ලිහිල් කරන විට පවා අවදානමට ලක්විය හැකි ජනගහනයට උපකාර කිරීම මෙම නව නිර්මාණයේ අපේක්ෂාවයි.
Read Moreසියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.
Read Moreවාහන වලට ඉන්ධන ලබා ගැනීමේදී එක වාහනයක් එක් දිනකදී විවිධ ඉන්ධනහල් වෙතින් ඉන්ධන ලබාගෙන ඇත්දැයි දැන ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් යෙදවුමක් නිර්මාණය කර තිබේ.
Read Moreරටේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් සහ පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබේ .
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.
Read Moreචීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.
Read Moreසාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.
Read Moreඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
Read Moreවිදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.
Read Moreශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
Read Moreසියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි.
Read Moreෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
Read More