ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ Huawei Technologies Lanka ආයතනය විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු බවට එයාර්ටෙල් සමාගම පත්ව තිබෙන බව සමාගම නිවේදනය කරයි.
දුලි සංදේශ නියාමන කොමිසම විසින් අන්තජාල බාගත ( Download) වේගය මැනීම පමණක් තම අධ්‍යනය සඳහා පාදක කරගෙන ඇති අතර ගොනු උඩුගත (Upload) වේගය හා සැරිසරන (Browsing ) වේගය සහ PING delays වැනි විවිධ මිනුම් හුවාවෙයි ආයතනය විසින් සිය සමීක්ෂණයට භාවිත කර තිබේ.
මෙහි සමීක්ෂණ කටයුතු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන ආකාරයට සිදු කළ බවත් එහිදී එයාර්ටෙල් සමාගම තරගකරුවන් අතර ප්‍රථම ස්ථානයට පත්වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.