ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේ පැවති 0.4% සිට 2019 ජනවාරි මාසයේදී 1.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2019 ජනවාරි මාසයේදී ලක්ෂ්යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා පදනම් බලපෑම සහ ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් හේතු වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ආහාර නොවන කාණ්ඩහෙයි ලක්ෂ්යමය උද්ධමනය 2018 දෙසැම්බර් මාසයේදී වාර්තා වූ 4.7% සිට 2019 ජනවාරි මාසයේදී 6.5% දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ආහාර කාණ්ඩයේ 2018 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ -4.5% සිට 2019 ජනවාරි මාසයේදී -4.8%ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.