2019 ඔක්තෝබර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 1.1%ක වැඩිවීමක් වාර්තා කර ඇති අතර, 2019 සහ 2018 යන වර්ෂවල ඔක්තෝබර් මාසවල මෙම දර්ශකය පිළිවෙළින් 112.1ක් සහ 110.8ක් වාර්තා කර තිබේ.
2019 ඔක්තෝබර් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම කරුණු අනාවරණය කරයි.
නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11ක්ම 2018 ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේදී ධනාත්මක වර්ධනයක් ඇති කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.