මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ පාර්ශ්වයේ නියෝජනයක් සහිතව "අර්නස්ට් ඇන්ඩ් යන්ග්" ආයතනය විසින් සංවිධානය කර තිබූ අයවැය සම්මන්ත්‍රණය අද (06දා) කොළඹදී පැවැත්විණි.
2019 රාජ්‍ය අයවැය සම්බන්ධයෙන් වඩාත් සවිස්තරාත්මක විග්‍රහයක් සිදුකිරීමට මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම ගැන මුදල් අමාත්‍යවරයා "අර්නස්ට් ඇන්ඩ් යන්ග්" ආයතනයට සිය ස්තූතිය පුද කරමින් කතාව ආරම්භ කළ අතර, මෙය තමා පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැයේ දිගුවක් බවත්, දීමනා ලබාදීමේ සංස්කෘතියෙන් මිදී, ජනතාව බලාත්මක කිරීමේ සහ ඔවුන්ට ආර්ථික නිදහස ලබාදීමේ සංස්කෘතියක් ලබාදෙන අයවැයක් බවද මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම සම්මන්ත්‍රණයට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ මුදල් අමාත්‍යාංශ උපදේශක මනෝ තිත්තවැල්ල යන මහත්වරුන් සහභාගී වූහ. එමෙන්ම, "අර්නස්ට් ඇන්ඩ් යන්ග්" ප්‍රධානී රුවන් ෆර්ඩිනැන්ඩු ඇතුළු එහි හවුල්කරුවන් මෙන්ම, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.