මසකදී පැමිණි දෙවැනි වැඩිම සංචාරකයන් ප්රමාණය වාර්තා කරමින්, 2018 වසරේ ජනවාරි මාසයේදී සංචාරක පැමිණීම් 8.9%කින් සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.
ඒ අනුව, 2017 දෙසැම්බර් මාසයේ වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම් වන 244,536 හා සැසඳීමේදී 2018 අනුරූප මාසයේදී සංචාරකයන් 238,924 දෙනෙකු පැමිණ ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අතර ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්රංශය සංචරකයන් පැමිණි ප්රධාන මූලාශ්ර පහ බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.