2017 දෙසැම්බර් මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 7.3%ක් දක්වා අඩුවී ඇති අතර, පසුගිය නොවැම්බර් මාසයේ ලක්ෂ්යමය උද්ධමනය වාර්තා වූයේ 8.4%ක් ලෙසිනි.
2017 දෙසැම්බර් මාසයේ උද්ධමනය 7.3% දක්වා අඩුවුවද ඊට පෙර මාස තුනෙහිම (2017 නොවැම්බර්, ඔක්තෝබර් හා සැප්තැම්බර්) උද්ධමනය 8.0% වඩා වැඩි විය.
ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන ලක්ෂ්යමය උද්ධමනය පසුගිය මාසය හා සංසන්දනය කලවිට 2017 දෙසැම්බර් මාසයේ දර්ශකාංක 0.2ක වැඩිවීමක් හෝ 0.2ක ප්‍රතිශතකාංක වැඩිවීමක් වාර්තා විය.
මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම0.12%කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.03%කින් වැඩිවීම බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.