2015 වර්ෂයේ සාමාන්‍ය කාර්තුමය නිෂ්පාදනයට සාපේක්ෂව 2016 වර්ෂයේ තෙවැනි කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 3.0% කින් වර්ධනය වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2016 වර්ෂයේ තෙවන කාර්තුවට නිකුත් කරන ලද දර්ශක අගයන් අනුව 2015 වර්ෂයේ සාමාන්‍ය මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2016ජූලි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවයෙහි 3.8%ක වැඩිවීමක් වාර්තා වී තිබේ. 2016අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල එහි වර්ධනය පිළිවෙලින් 3.5%ක් සහ 1.6% ක් වී ඇත.
2015 වාර්ෂික කර්මාන්ත සමීක්ෂණයෙහි දත්ත දර්ශකයෙහි බරිත අගයන් ගණනය කිරීමට භාවිත කරන ලද අතර නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි එකතු කළ අගය පදනම් කරගෙන බරිත අගයන් ගණනය කරන ලදි.ඒ අනුව නිෂ්පාදන කර්මාන්ත අංශයට ආහාර නිෂ්පාදන අංශයෙන් ඉහළම දායතක්වය (35.2%) වාර්තා වූ අතර ඇඟලුම් නිෂ්පාදන (19.8%) සහ ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනය (7.8%) පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ගෙන ඇත.
කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත්ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය හැඳින්විය හැකි අතර, මෙම දර්ශකය මඟින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකිය. තවද මෙමගින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකිය. ඒ අනුව, මෙම දර්ශකයේ මාසික අගයන් කාර්තුමය වශයෙන් ගණනය කරනු ලබන අතර දින 63ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලබන බවද කියයි. 2015 පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරන ලද මෙම දර්ශකයෙහි අගයන් වෙනස් පදනම් වර්ෂ සහිත දර්ශක සමඟ සැසැඳිය නොහැකි බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.