වෙළෙඳ හිඟය පුළුල් වීම, සංචාරය ඉපැයීම් අඛණ්ඩ ඉහළ වර්ධනය සහ මධ්‍යස්ථ මට්ටමක පැවැති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමග 2015 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්රියාකාරීත්වයක් පෙන්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව, 2015 වසරේදී සමුච්චිත පදනම මත වෙළෙඳ හිඟය සුළු වශයෙන් වැඩි වූ අතර සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය විය. මේ අතර, 2015 වසරේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයන්හි සුළු පහළ යෑමක් වාර්තා විය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගිවිසුමකට එළඹීම මගින්ද ලද ලැබීම් 2015 වසරේදී ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ ප්‍රධාන ලැබීම් විය.