2015 කාගිල්ස් සරු බිම ගොවි පුරවැසි සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්රිරපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (19දා) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
දිවයින පුරා විසිරි සිටින එළවලු සහ කිරි නිෂ්පාදන ගොවින් 18 දෙනෙකුට සම්මාන ප්රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර, අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් සහ කාගිල්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.