2014 වසරේදී 8%ක පමණ ආර්ථික වර්ධනය වේගයක් ශ්රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
ගෝලීය ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම,දේශීය ආර්ථික කටයුතු අඛණ්ඩව වර්ධනය වීම සහ 2013 වසර තුළ ක්රියාත්මක කළ වර්ධනය ඉලක්ක කරගත් ප්රතිපත්ති ක්රියාමාර්ග හේතුවෙන් 2014 වසරේදී ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව ජනතාවගේ ජීවන රටාව වෙනස්වීම සහ ගෝලීය වෙළෙඳ පොළ ව්යාප්තකරණය හා සමගාමීව දේශීය නිමැවුම් වර්ධනය වනු ඇති බවත්, රටේ නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීම උදෙසා ආයෝජන කටයුතු අඛණ්ඩව වර්ධනය වනු ඇති බව පැවසේ.
වෙළෙඳාම, ප්රවාහනය, සන්නිවේදන හා බැංකු ආදී සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිකිරීමට කර්මාන්ත නිෂ්පාදන දියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කෙරෙන බැවින්, සංචාරක හා ඒ ආශ්රිත සේවාවන්වල ප්රසාරණයද ඉහළ ආර්ථික වර්ධනය සඳහා දායක වනු ඇති බව පැවසේ.
යහපත් කාලගුණ තත්ත්වය හා අඛණ්ඩ රාජ්ය සහයෝගය මගින් 2014 වසරේදී කාෂිකාර්මික අංශයේ නිමැවුම ඉහළ නැංවෙනු ඇති බවද මහ බැංකුව අපේක්ෂා කරයි.