2014 වසරේ යල කන්නයේ පැරෂුට් ක්‍රමයට හෙක්ටයාර 2,500ක දේශීය වී වගාකර මෙට්ට්‍රික් ටොන් 10,000ක වී අස්වැන්නක් ලබාගැනීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය බලාපොරොත්තු වේ.
ඒ අනූව, 2014 දී දේශීය සහල් කිලෝ ලක්ෂ 6ක් ප්‍රථම වරට අපනයනය කිරීමටද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපේක්ෂා කරන බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි සී කලාපයේ රත්කිඳ බීජ ගොවිපොළෙහි කාබනික ක්‍රමයට හෙක්ටයාර 12ක වගාකළ සුවඳැල් වී අස්වනු නෙළීම පසුගිය දින ආරම්භ විය. මෙම බීජ උපයෝගී කොටගෙන මේ වසරේදී දේශීය වී වගා කිරීමට අපේක්ෂා කෙරෙන බවද පෙන්වා දෙයි.