2014 වසරේ මුල් මාස 4 තුළ සමස්ත ආදයම් බදු ආදායම, 2013 වසරේ එම කාලයේ වාර්තා කළ රු.මිලියන 62,220ට සාපේක්ෂව රු.මිලියන 57,013 දක්වා 8.4%කින් අඩු වී ඇති බව මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ දැක්වෙන වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, 2014 වසරේ මුල් මාස 4 තුළ සංස්ථාපිත හා සංස්ථාපිත නොවන බදු ආදායම් රු.මිලියන 19,703 දක්වා 9.2% කින් වර්ධනය වී ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.