ප්රග්ධන වෙළෙඳ පොළ සමුළුව 2014 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය 9 වැනිදා සාර්ථකව පැවැත්විණි.
2014 ප්රාග්ධන වෙළෙඳ පොළ සමුළුව වෙනුවෙන් කොටස් වෙළෙඳ පොළ සම්බන්ධ දෙස් විදෙස් පාර්ශ්වකරුවන් 400 ඉක්මවූ පිරිසක් සහභාගි වූහ.
එමෙන්ම, ඇමෙරකාව, යුරෝපය, මැදපෙරදිග හා ආසියාව ඇතුළු බොහෝ මහද්වීපවලින් අරමුදල් කළමනාකරුවන් 100කට ආසන්න පිරිසක්ද මෙවර සමුළුවට සහභාගි වී සිටියහ.
ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට 25 වසරක් සැපිරීම නිමිත්තෙන් ප්රකාශයට පත් කළ ග්රන්ථය (Coffee table Book) විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් ජනාධිපතිවරයාට මෙම අවස්ථාවේදී පිළිගන්වන ලදී.
එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක මහතා විසින් යුද්ධය අවසන් වූ පසු ගෙවීගිය වසර තුළ කොටස් වෙළෙඳ පොළේ ප්රගතිය විදහාපාන ප්රකාශනයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.
%ප්රග්ධන වෙළෙඳ පොළ සමුළුව 2014^ සමුළුව අමතා පිළිගැනීමේ කතාව ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිදුකරන ලද අතර, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද මෙහිදී දේශන පැවැත් වූහ.
එමෙන්ම, විදේශීය කළමනාකරුවන් දෙදෙනෙකුද ශ්රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ තම ආයෝජන අත්දැකීම් විස්තර කරමින් මෙහිදී දේශන පැවැත් වූහ.
ඒ අනුව, එදින උදෑසන කාලයේදී සමුළුව සාර්ථකව නිම වූ අතර, සවස් කාලයේදී අරමුදල් කළමනාකරුවන් විසින් කොටස් වෙළෙ පොළේ ලැයිස්තුගත සමාගම්වල ආයෝජනයන් සම්බන්ධයෙන් තනි තනි සාකච්ඡා පවත්වන ලදී.