2014 ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් බස්නාහිර පළාත් දුරකථන නාමාවලිය විදේශ දූත මණ්ඩල සේවා වෙත නිකුත් කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, 2014 ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් බස්නාහිර පළාත් දුරකථන නාමාවලිය විදේශ දූත මණ්ඩල සේවා වෙත බෙදාහැරීමේ අවස්ථාව සංඛේතවත් කරමින් රේන්බෝ පේජස් විධායක නිලධාරී මල්රාජ් බලපිටිය මහතා විසින් එහි පිටපතක් නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියොමාල් පෙරේරා මහතා වෙත පසුගියදා එම අමාත්‍යාංශයේදී භාරදෙනු ලැබීය.
රේන්බෝ පේජස් කළමනාකාරීත්වයද එම අවස්ථාවට සහභාගි විය.