2014 වසරේ ප්රථම භාගයේදී පැවති වර්ධන ප්රවණතා අඛණ්ඩව පවත්වා ගනිමින් අපනයන ආදායම් අගෝස්තු මාසයේදී තවදුරටත් වර්ධනය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, 2014 අගෝස්තු මාසයේදී අපනයන ආදායම් ඇ.ඩො.මිලියන 991ක් දක්වා 7.9% කින් වර්ධනය වී ඇති අතර, 2014 පළමු වැනි මාස 8 තුළදී සමුච්චිත අපනයන ආදායම එය 14.8% ක වර්ධනයක් වාර්තා කර තිබේ.