2013 අප්‍රේල් මාසයෙන් පසුව ක්රිප්ටොකරන්සි මුදල් ඒකකයක් වර්තා කළ පහළම අගය වාර්තා කරමින් බිට්කොයින් මෙම සතිය අවසානයේදී 30%ක කඩා වැටීමක් පෙන්නුම් කර තිබේ.
සිකුරාදා දිනය වනවිට බිට්කොයින් අගය ඇ.ඩො.7,910 දක්වා පහළ වැටුණේ ඊට පෙර දිනයට සාපේක්ෂව 12%ක කඩා වැටීමක් පෙන්වමිනි.
ක්‍රිප්ටොකරන්සිවල අනාගතය මෙන්ම එහි විශ්වාසය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ සිදුවීම් කිහිපයක්ම බිට්කොයින් අගය මේ ආකාරයෙන් පහළ යෑමට හේතු වී ඇති බව කියැවෙයි.
විශේෂයෙන්ම ජපාන බිට්කොයින් විනියම හුවමාරුවක් වන කොයින්චෙක් හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව පවසමින් එරට විනිමය පාලකයන් විසින් එහි හදිසි පරීක්ෂණයක් සිදුකරනු ලැබීය. එහිදී ඇ.ඩො.මිලියන 530ක පමණ ඩිජිටල් මුදල් හැකර්වරු සොරාගෙන ඇති බව කියවුණි.
එමෙන්ම, මෙම සතියේදී ෆේස්බුක් වෙබ් අඩවිය පවසා සිටියේ ඔවුන් ඩිජිටල් මුදල් පිළිබඳ වෙළෙඳ දැන්වීම් තහනම් කරන බවයි. මෙවැනි සිදුවීම් බිට්කොයින් අගය පහළ යෑමට හේතුව බව විශ්වාස කෙරෙයි.