සාක් කලාපය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩුයි - කබ්රාල්
ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩු ඉන්ධන මිල ගණන් දරණ රටක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙන්ම IOC සමාගමට අයත් ඉන්ධනවල මිල පසුගිය 11දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබුණු අතර, එහිදී පෙට්‍රල් ලීටරයක මිල රු.157ක් දක්වාද, ඩීසල් ලීටරයක මිල රු.111ක් දක්වාද වැඩි විය.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා සාක් කලාපයට අයත් රටවල ඉන්ධන මිල ගණන් හා ශ්‍රී ලංකාවේ වත්මන් පෙට්‍රල් හා ඩීසල් මිල සසඳමින් පෙන්වා දෙන්නේ කලාපය තුළ ශ්‍රී ලංකාව තවමත් අඩු ඉන්ධන මිලක් දරණ බවයි.


popular news
-
Nandana Monday, 14 June 2021 02:36 PM
Cabaral mara arthika visesakjayek vage, Saarc ratawala,ekapudgala adayama,vinimaya anupathaya, kohomada dannawa da?.,sarc ratawala anekuth banda ha sewath sasadala kiyamu balanna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

