මිලියන 5 ඉක්මවූ තෑගි සමගින් 8 වැනි ’CSE මාස්ටර්මයින්ඩ්ස්’
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්රමුඛ පෙළේ ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය ලෙස පිළිගැනෙන, කොළඹ කොටස් වෙළඳපොළෙහි (CSE) 8 වැනි ‘CSE මාස්ටර්මයින්ඩ්ස්’ (CSE Masterminds) ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය 2026 ඔක්තෝබර් 09 වැනි දින පස්වරු 3.00 සිට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ ප්‍රධාන උත්සව ශාලාවේදී (Main Ballroom) පැවැත්වීමට නියමිතය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් කණ්ඩායම් එක්වන මෙම තරඟාවලියේදී, ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රය, ගෝලීය වෙළෙඳපොළවල්, කාලීන කරුණු, ශ්‍රී ලංකා ආර්ථිකය සහ ව්‍යාපාර, ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ මෙන්ම ක්‍රීඩා සහ විනෝදාස්වාදය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ප්‍රශ්න ඇසෙන අතර, එය අවසන් වටයේ වේගවත් ප්‍රශ්න මාලාවකින් අවසන් වීමට නියමිතය.
ත්‍යාග සහ දිරිගැන්වීම් - මෙවර තරඟාවලියේදී ජයග්‍රහණය කරන ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම සඳහා රු.2,000,000ක් දක්වා මුදලක් ද, අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායම සඳහා රු.1,000,000ක් දක්වා ද, තෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම සඳහා රු.750,000ක්ද හිමිවේ. මීට අමතරව, තරඟයට සහභාගී වන සෑම ක්ෂේත්රයකම ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් සඳහා විශේෂ ක්ෂේත්‍ර සම්මාන ද පිරිනමනු ලැබේ.
සපැමිණෙන ආරාධිතයන් සඳහාද ප්‍රේක්ෂක ප්‍රශ්න වටයන්ට සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇති අතර, 'Fits Aviation (Pvt) Ltd' ආයතනය විසින් සපයන ලද නොමිලේ ගුවන් ගමන් බලපත්‍ර (return tickets) තුනක් දිනාගැනීමේ රැෆල් දිනුම් ඇදීමකට එක්වීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවේ.
සන්ධ්‍යා භාගය තවදුරටත් වර්ණවත් කරමින්, ආරාධිත ශිල්පී උමාරා සිංහවංශ සමඟ Doctor සංගීත කණ්ඩායමේ සජීවී සංගීත ප්‍රසංගයක්, උසස් තත්ත්වයේ ආහාර සහ පාන වර්ග සමඟින් අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට (networking) සහ සැමරුම් සඳහා අවස්ථාව සලසන විශේෂ සාදයක්ද (after-party) මෙහිදී පැවැත්වේ. ඉසව්වේ අනුග්‍රාහක හවුල්කරුවන්ගේ දායකත්වයෙන් සැම සහභාගීකරුවෙකුටම වටිනා තෑගි මල්ලක් (goodie bag) හිමිවන අතර, ශූරතා ත්‍යාග, ක්ෂේත්‍ර සම්මාන, ප්‍රේක්ෂක දිරිගැන්වීමේ ත්‍යාග, රැෆල් දිනුම් ඇදීම් සහ තෑගි මලු ඇතුළුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 5 කට අධික වටිනාකමකින් යුත් තෑගි සහ දිරිගැන්වීම් මෙහිදී පිරිනැමේ.
අනුග්‍රාහක සහ හවුල්කාර පාර්ශ්වයන් :
ප්‍රධාන අනුග්රාහකයන් (Platinum Sponsors) : හැටන් නැෂනල් බැංකු පීඑල්සී සහ බාර්ට්ලට් රෙලිගේයා ස්ටොක්බ්‍රෝකර්ස් (පෞද්.) සමාගම.
රන් අනුග්රාහකයන් (Gold Sponsors) : එක්ස්-පැක් කොරුගේටඩ් කාටන්ස් පීඑල්සී, ආෂා සිකියුරිටීස් ලිමිටඩ් සහ ලංකා සෙකියුරිටීස් (පෞද්.) සමාගම.
රිදී අනුග්රාහකයන් (Silver Sponsors) : බැරිස්ටා කෝපි ලංකා (පෞද්.) සමාගම, කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් (පෞද්.) සමාගම, LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී, ආර්පිකෝ අටාරක්ෂියා ඇසට් මැනේජ්මන්ට් (පෞද්.) සමාගම, අයර්වන් ටෙක්නොලොජීස් (පෞද්.) සමාගම සහ ලංකාපේ පීඑල්සී.
සම-අනුග්රාහකයන් (Co-Sponsors) : ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් පීඑල්සී, ක්රිප්ටොජන් (පෞද්.) සමාගම, ඩිලොයිට් ලංකා (පෞද්.) සමාගම, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී, ඊෆියුචර්ස් (පෞද්.) සමාගම, පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, සෙන්ෆින් ඇසට් මැනේජ්මන්ට් (පෞද්.) සමාගම සහ සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පෞද්.) සමාගම.
මුද්‍රිත මාධ්‍ය හවුල්කරුවන් - ඩේලි එෆ්ටී (Daily FT), ඩේලි මිරර් (Daily Mirror) සහ සන්ඩේ ටයිම්ස් (Sunday Times) යන පුවත්පත් කටයුතු කරයි.
සභාභාගී වන සියලුම දෙනාට පිරිනමන තෑගි මලු සඳහා සේන්කෝ (පෞද්.), සීබීඑල් සමූහයේ 'ටීටොස්', ඩිසයින් ස්ක්වෙයාර් (පෞද්.) සමාගම, මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් ලිමිටඩ්, පී බී මැනේජ්මන්ට් සර්විසර්ස් (පෞද්.) සමාගම යටතේ ඇති 'ෆ්ලෝරා ටිෂූස්', පේපර්මින්ට් කැෆේ (පෞද්.) සමාගම, පිසා හට් ශ්‍රී ලංකා, රේනුකා සමූහය, සෙරන්ඩිප් ෆ්ලෝර් මිල්ස් (පෞද්.) සමාගම සහ වයිබ් ෆිට්නස් (පෞද්.) සමාගම දායකත්වය සපයයි.
විශේෂ ක්ෂේත්රයේ ජයග්‍රාහකයන් සඳහා වන ත්‍යාග එච්එන්බී ඉන්වෙස්ට්මන්ට් බැංකු (පෞද්.) සමාගම විසින් අනුග්‍රහය දක්වන අතර, ප්‍රේක්ෂක ප්‍රශ්න අංශය ACCA ගණකාධිකාරීවරුන්ගේ ආයතනය', CIMA ගණකාධිකාරී ආයතනය සහ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී විසින් අනුග්‍රහය දක්වයි. මෙම අංශය 'Layup by Creative E-Learning (Pvt) Ltd' හරහා පහසුකම් සපයනු ලැබේ.
සත්කාරක හවුල්කරු ලෙස කොළඹ ෂැංග්‍රි-ලා හෝටලය, පාන වර්ග හවුල්කරු ලෙස ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලීමිටඩ් සහ නිල ගුවන් සේවා හවුල්කරු ලෙස 'Fits Aviation (Pvt) Ltd' සමාගම කටයුතු කරයි.
වැඩිදුර විස්තර සඳහා ශනිකා (076 305 6691) හෝ දිනුෂා (076 431 6907) යන අංකවලින් සම්බන්ධ විය හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
