ශ්රී ලංකා මහ බැංකුවේ ඊයේ (24දා) පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් පැන නගින අවිනිශ්චිතතාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දේශීය හා ගෝලීය වශයෙන් විකාශනය වන වර්ධනයන් සහ ඉදිරි දැක්ම ප්රවේශමෙන් සලකා බැලීමෙන් පසුව මණ්ඩලය මෙම තීරණයට එලැඹි බව වැඩිදුරටත් පෙන්වා දෙයි.