ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක - IMF
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත්, ණය තිරසාර බව පිළිබඳ අවදානම් ඉහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ මාස 48ක විස්තීරණ ණය පහසුකම යටතේ සිදුකළ පස්වන හා හයවන ඒකාබද්ධ සමාලෝචනය සම්පූර්ණ කරමින්, එහි නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ සහ වැඩබලන ප්‍රධානී කෙන්ජි ඔකමුරා මහතා මෙසේ පවසා සිටියේය.
මෙවර විධායක මණ්ඩලයේ රැස්වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් මිලියන 508ක (ඇ.ඩො.මිලියන 695ක පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශය හිමිවිය. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් පුරෝකථනය කෙරෙන්නේ, 2026 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3%ක් දක්වා මන්දගාමී වනු ඇති බවය.
වැඩසටහන් කාර්ය සාධණය පොදුවේ ගත්විට ශක්තිමත්ව පැවතුනද, රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණ සහ විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ප්රයත්න දැරීමට අවශ්‍ය බවද පෙන්වා දෙයි.
එමෙන්ම, බදු ක්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීම සහ වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආදායම් රැස් කිරීම දිගටම සිදු කිරීම අත්‍යවශ්‍ය වන බවත්, එය මූලිකව මැදි කාලීන ආදායම් රැස් කිරීමේ උපායමාර්ගයක් සකස් කිරීම හරහා සිදුවිය යුතු බවත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීමට ආසන්න වන නමුත්, ණය තිරසාර බව පිළිබඳ ඉහළ මට්ටමක අවදානම් පවතින බවද නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ සහ වැඩබලන ප්‍රධානී කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

