ඉහළම ශ්‍රේණිගත පුද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව Fitch AA lka ලබයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව අත්පත් කරගෙන ඇති ස්ථානය සහ බැංකුවේ ස්ථාවර මූල්‍ය ශක්තිය සනාථ කරමින්, 2026 ඔක්තෝබර් 30දා සිට බල පැවැත්වෙන පරිදි ෆිච් ආයතනය විසින් කොමර්ෂල් බැංකුවෙහි, දිගුකාලීන ජාතික ශ්‍රේණි මට්ටම (AA-) සිට AA(Ika) දක්වා ඉහළ නංවා ඇත.
‘AA(Ika)’ ශ්‍රේණිගත කිරීමෙන් රටේ අනෙකුත් බැංකුවලට සාපේක්ෂව, කොමර්ෂල් බැංකුව ඉතා ඉහළ ණය ගුණාත්මකභාවයක් සහ ණය පැහැරහැරීමේ ඉතා අඩු අවදානමක් පෙන්නුම් කරයි. එමගින් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණවත් බව, ද්රවශීලත්වය සහ වත්කම්වල ගුණාත්මකභාවය පිළිබඳව ආයෝජකයන්ට, තැන්පත්කරුවන්ට, ගනුදෙනුකරුවන්ට සහ ජාත්‍යන්තර බැංකු හවුල්කරුවන් වෙත වැදගත් පණිවිඩයක් සපයයි.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවේ දීර්ඝකාලීන ස්ථාවරය, ව්‍යාපාර උත්පාදනයේදී හා අරමුදල් සැපයීමේදී බැංකුව සතු දිගුකාලීන ප්රතිලාභ සහ පුද්ගලික අංශයේ අනෙකුත් විශාල බැංකු හා සසඳන විට එහි ප්රශස්ත කළ මුල්‍ය පිරිවැය යන කරුණු මෙම Fitch තක්සේරු කිරීමේ ක්‍රියාවලිය මගින් ඇගයීමට ලක් කර ඇත. එමෙන්ම වත්කම්වල ගුණාත්මකභාවය, ලාභදායීතාවය සහ ශුද්ධ අක්‍රීය ණය සඳහා ප්‍රාග්ධන ආවරණය යන ගුණාංග අතින් ද බැංකුව අනෙකුත් ශ්‍රේණිගත දේශීය බැංකු අතර වඩාත් ශක්තිමත් මට්ටමක පවතින බව ෆිච් ආයතනය පෙන්වා දී ඇත.
“මෙම ශ්‍රේණිගත කිරීම ගනුදෙනුකරුවන්ටත්, කොටස්කරුවන්ටත් ඉතාමත් වැදගත් වෙනවා” යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා පැවසීය. “අපගේ ගනුදෙනුකරුවන් සඳහා මෙම ඉහළ නංවන ලද ශ්‍රේණිගත කිරීම, ඔවුන්ගේ ආයෝජන, වත්කම් සහ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ තවත් දර්ශකයක් වෙනවා. මූල්‍යකරණ සහාය අපේක්ෂා කරන ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා බැංකුවේ ශක්තිමත් ආයතනික ණය, විශ්වාසනීයත්වය සහ තරඟකාරී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා බැංකුව සතු මනා හැකියාව ද මෙමගින් තහවුරු වෙනවා” යැයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ඉහළ නැංවීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, “මෙම ශ්‍රේණිගත කිරීම, කොමර්ෂල් බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය, විනයගත අවදානම් කළමනාකරණය සහ බැංකුවේ අඛණ්ඩ ශක්ති සම්පන්න බව පිළිබඳ ප්‍රබල සනාථ කිරීමක්. අපගේ ගනුදෙනුකරුවන්, ආයෝජකයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අප කෙරෙහි තබා ඇති ගැඹුරු විශ්වාසය එමගින් තහවුරු වන අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට මෙන්ම, පුද්ගලයින්ට සහ දේශීය ආර්ථිකයේ ප්‍රගතියට සහය දැක්වීමට අපගේ හැකියාව තවත් ශක්තිමත් වෙනවා” යැයි පවසා සිටියේය.
ශක්තිමත් වූ ණය ප්‍රතිරූපය මගින් කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර නියෝජිත බැංකු සමඟ ඇති සබඳතා තව තවත් ශක්තිමත් කරන අතර එමගින් ජාත්‍යන්තර වෙළඳාමේ නියැලී සිටින ගනුදෙනුකරුවන්ගේ රට රටවල් අතර පවතින බැංකු සේවා, වෙළඳ මූල්‍යකරණය සහ ප්රාග්ධනය ප්රතිපේෂණ සේවාවන් හි අඛණ්ඩතාව සහ කාර්යක්ෂමතාව සඳහා ද සහාය වන බව බැංකුව පවසයි.
ඡායාරූප විස්තරය - කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
