කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් වැරදි තොරතුරු පතුරුවා හැරීමේ ෆේස්බුක් හි ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.