ෆේස්බුක් සිය මෙසෙන්ජර් ඇප් එක විවෘත නොකර, ඇමතුම් ලබා ගැනීම පහසු කිරීම අරමුණු කරගනිමින් සිය ප්‍රධාන යෙදුම තුළ හඬ සහ වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සැලසීමට සූදානම් වෙයි.
ඒ අනුව ෆේස්බුක් සිය ඇප් මාලාව තුළම පණිවුඩ හුවමාරු කර ගැනීමේ පහසුකම් ලබාදීමට උත්සාහ කරමින් සිටින අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉන්ස්ටග්‍රෑම් සහ මෙසෙන්ජර් අතර ප්‍රථමයෙන් එය සක්‍රීය කළේය. මෙම පියවර නිසා එක් එක් සේවාවක් භාවිත කරන්නන්ට ඇප් දෙකම ඩවුන්ලෝඩ් කිරීමකින් තොරව වීඩියෝ ඇමතුම් ලබාගැනීමට සහ පණිවිඩ යැවීමට හැකියාව ලැබුණි. ඔවුන් මෙම පහසුව තවත් වර්ධනය කරමින්, වට්ස්ඇප් යෙදුමද සිය ඇප් මාලාව සමග ඒකාබද්ධ කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, ෆේස්බුක් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ අංග සම්පූර්ණ පණිවිඩ යැවීමක්, ශ්‍රව්‍ය හා දෘශ්‍ය ඇමතුම් අත්දැකීමක් ලබා ගැනීම සඳහා මැසෙන්ජර් භාවිත කිරීම අඛණ්ඩව සිදුකිරීම යෝග්‍ය බවයි.