ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ආයුද සන්නද්ධ පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වෙඩි තැබීමෙන් කාන්තාවක සහ ඇගේ අත සිටි මාස තුනක් වයසැති කුඩා බිලිඳෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෙඩි ප්‍රහාර 7ක් වැදුණු වයස අවුරුදු 11ක දැරියක තුවාල ලබා ශල්‍යකර්මයන්ට භජානය වී ඇති බවත් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එක්සත් ජනපදයේ හිටපු මැරීන් භටයෙකු වූ 33 හැවිරිදි බ්‍රයන් රයිලි ලෙස හඳුනාගෙන ඇත.
මෙම වෙඩි ප්රහාරයන්ට ලක්වූවන් සහ අදාළ ප්‍රහාරකයා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද පොලීසිය පවසන අතර, පසුව පොලීසිය සමග සිදුකළ වෙඩි හුවමාරුවකදී ඔහු අත්අඩංගුවට පත්ව තිබේ. කෙසේ වෙතෙත් යටත්වීමට පෙර ඔහු පොලිස් නිලධාරියෙකු සමග පොරබදින අවස්ථාවේදී ඔහුගේම තුවක්කුව පත්තු වී තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙවැනි විවෘත වෙඩි තැබීම් සුලභ දසුනක් වන අතර, එරට ගිනිඅවි නීති සම්බන්ධයෙන් විවාදය වසර ගණනාවක් පුරා සිදුවුණත්, තවමත් එයට විසඳුම් නොමැති බව සඳහන් වේ.