එළැඹෙන පාසල් වර්ෂය ආරම්භ වනවිට වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත සූදානම් කළ හැකි බව ෆයිසර් හි එන්නත් සායනික පර්යේෂණ හා සංවර්ධන ජ්‍යෙෂ්ඨ උප සභාපති වෛද්‍ය විලියම් ග්රෘබර් පවසයි.
ෆයිසර් පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් 2,259ක් සඳහා එහි එන්නත සායනික පර්යේෂණයට යොමුකර ඇති අතර, ඉතා ඉක්මනින් ආරක්ෂාව සහ කාර්යක්ෂමතා දත්ත බෙදා ගැනීමට සැලසුම් කරන බවයි.
"අපගේ ඉලක්කය වන්නේ මෙම තොරතුරු හැකි ඉක්මනින් නියාමකයන් වෙත ඉදිරිපත් කිරීමයි," ග්රෘබර් පැවසීය. "සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, අවුරුදු 12 සිට 15 දක්වා ළමයින් සඳහා එන්නත ඊළඟ පාසල් වර්ෂය ආරම්භ වූ වහාම සූදානම් කළ හැකියි."
පාසල් වයසේ ළමයින්ට එන්නත ලබාදීමෙන් සමස්ත ජනතාවටම ප්‍රයෝජන ගත හැකි බව ග්රෘබර් සඳහන් කළේය.
"නියාමකයන්ගේ නිර්දේශ මත පදනම්ව පාසල් වයස් කාණ්ඩයන්හි ජනගහනයට එන්නත ලබාදීමට හැකි වුවහොත්, අපට ප්‍රජා ප්රතිශක්තීකරණයක බොහෝ දුරක් යා හැකි හැයි මා සිතනවා." මෙම අත්හදා බැලීම්වල අරමුණ කුමක්දැයි පැහැදිලි කරමින් ග්රෘබර් කීවේය.