සෞඛ්‍ය හා සුභසාධන පිළිබඳ ෆින්ලන්ත ආයතනයට අනුව ඊයේ (19දා) ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය ෆින්ලන්තය තුළ තාවකාලිකව අත්හිටුවා තිබේ.
රුධිර කැටි ගැසීම් පිළිබඳ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම නිසා මෙම පියවර ගත් බව එම ආයතනය පවසයි.
ඒ අනුව අවම වශයෙන් මෙම පරීක්ෂණය සඳහා සතියක්වත් ගතවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද එම ආයතනය පවසයි.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව යුරෝපයේ ඉහළම ඖෂධ නියාමකයා නිගමනය කිරීමෙන් දිනකට පසුව ෆින්ලන්තය මෙම නිවේදනය නිකුත් කිරීමද විශේෂත්වයකි. කෙසේ වෙතත්, රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉතා දුර්ලභ හුදකලා සිද්ධීන් අතර මෙහි සම්බන්ධය ප්‍රතික්ෂේප කළ නොහැකි බවද යුරෝපා ඖෂධ ඒජන්සිය පවසා තිබුණි.
කෙසේ වෙතත් එන්නත මුලදී අත්හිටවූ යුරෝපා රාජ්‍යයන් රැසක් දැන් යළිත් එන්නත ලබාදීම ආරම්භ කර ඇති අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව විසින් එන්නත් ලබා දී ඇති පුද්ගලයන් අතර, රුධිර කැටි ගැසීම් සහ අඩු රුධිර පට්ටිකා පිළිබඳව කරන ලද සමාලෝචනයෙන් පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ, පවතින දත්ත මගින් එන්නත ලබාදීමෙන් පසුව රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් සමස්තයක් ලෙස වැඩි වීමක් සිදු නොවන බවට නිගමනය කර තිබුණි.