ප්‍රංශ වෛද්‍යවරුන්ට නව කොරෝනා රෝගීන් සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කිරීම එරට රජය විසින් තහනම් කර තිබේ.
මෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව අවධාරණය කරමින් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන මෙම ඖෂධය එම රෝගීන් සඳහා කිසිදු ප්‍රගතියක් අත්කර දෙන බවක් මෙතෙක් සිදුකළ කිසිදු පර්යේෂණයකින් ඔප්පු වී නොමැති අතර, ඒ වෙනුවට ඉන් සිදුවන හානිය වැඩිබව අනාවරණය වී තිබේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයද එහි අධ්‍යයනයන් තාවකාලිකව අත්හිටුවා තිබේ.