නව කොරෝන වෛරසය එරෙහිව මැලේරියා ඖෂධයක් වන හයිඩ්රොක්සික්ලෝරොක්වීන්වල ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් බ්‍රිතාන්‍ය රජය විසින් අත්හිටුවා තිබේ.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ බැංකොක්හි මහීඩෝල් ඔක්ස්ෆර්ඩ් නිවර්තන වෛද්‍ය පර්යේෂණ ඒකකය (MORU) විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයෙන් කොවිඩ්-19 රෝගීන් සමග සමීප සම්බන්ධතා ඇති යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ දකුණු ඇමෙරිකාවේ ඉදිරිපෙළ වෘත්තිකයන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල 40,000ක් පමණ සම්බන්ධ කරගැනීම සිදුකරමින් තිබුණි.
කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් MORU ආයතනය පවසා සිටියේ, "අපගේ COPCOV අධ්‍යයනයට අලුතින් සම්බන්ධ කරගැනීම සඳහා විරාමයක් ලබාදෙන ලෙස එක්සත් රාජධානියේ ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) වෙතින් අපට දැන්වීමක් කර තිබෙනවා. ඒ අනුව අප MHRA වෙත ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූවා. ඔවුන්ගේ ගැටළු විස්තරාත්මකව ආමන්ත්‍රණය කරනු ලැබුවා. ඉදිරියේදී ඔවුන්ගේ තීරණයත් අප බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ අනුව COPCOV අධ්‍යයනයට ලොව පුරා විරාමයක් ලබා දී තිබෙනවා. අපගේ සහභාගීවන්නන්ගේ ආරක්ෂාව අපගේ පළමු වැනි ප්‍රමුඛතාව වෙනවා. එහිදී ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ගේ රෝගාබාධ වැළැක්වීම අපගේ උත්සාහයයි." යනුවෙනි.
ප්‍රංශ රජය විසින්ද කොවිඩ්-19 රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නියම කිරීම එරට වෛද්‍යවරුන්ට තහනම් කළ දිනයේම බ්‍රිතාන්‍ය විසින්ද මෙම පියවර ගෙන තිබේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයද සඳුදා කියා සිටියේ ආරක්ෂිත හේතූන් මත හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් එහි සහයෝගීතා පරීක්ෂණයෙන් විභව කෝවිඩ් -19 ප්‍රතිකාරයක් ලෙස අධ්‍යයනය කිරීම තාවකාලිකව නතර කර ඇති බවයි.
ඇමෙරිකානු නායකයා විසින් නිර්දේශ කරමින් ලොව පුරා ආන්දෝලනයක් ඇති කර තිබෙන මෙම ඖෂධය කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ නොගන්නා ලෙසට ලොව පුරා වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.