ලෝකයේ මුල අවධියේදී හොඳටම වෛරසය පාලනය කළ රාජ්‍යයක් වූ වියට්නාමයේ හෝ චි මිං නගරයේ පදිංචිකරුවන්ට තම නිවෙස් අත්හැර යාම තහනම් කරමින් දැඩි අගුලු දැමීමක් හෙට (22දා) සිට ආරම්භ වෙයි.
මේ සමග ජනතාව තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සඳහා උනන්දු වන ආකාරය ඊයේ සහ අද දැකගත හැකි වූ අතර, මෙසේ ජනතාව ඒකරාශී වීමද කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා රටේ විශාලතම නගරයේ උත්සාහයට බාධා කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
හෝ චි මිං නගරයේ පිහිටි සුපිරි වෙළඳ සැල්වල රාක්ක සෙනසුරාදා හිස් වෙමින් තිබූ අතර, වෙළෙඳ පොළවල් අසල මිනිසුන් දිගු පෝලිම්වල රැඳී සිටිනු දැකගත හැකි විය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ චී මිං නගරයේ පොරකෑ මිනිසුන් පැවසුවේ රට අගුලු දැමීමේ නිවේදනයෙන් පසුව ඔවුන් මෙසේ ඒකරාශී වූයේ කොරෝනා වෛරසයෙන් මියයාමට පෙර කුස ගින්නෙන් මිය යාමට අවශ්‍ය නොවන නිසා බවයි.