අධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බව එරට වසංගත ප්‍රතිචාරය භාර අමාත්‍යවරයා පවසයි.
කොවිඩ්-19 ප්‍රතිචාර දැක්වීමේ ඇමති ක්‍රිස් හිප්කින්ස් වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ප්‍රභේදය සමස්ත ක්‍රීඩාවම වෙනස් කරන අතර, දැනට පවතින ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවයි.
එය පැමිණෙන්නේ වසංගතයේ නවතම රැල්ල තුළ තහවුරු වූ තවත් ආසාදිතයන් 21ක් රට විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගිනි.
වේගවත්, දැඩි අගුලු දැමීම් සමග නවසීලන්තය කලින් කොවිඩ්-19 පැතිරීම මර්දනය කළ, ලෝකයේ හොඳටම කළ රාජ්‍ය ලෙස සැලකුණි. එසේ වෛරසය ව්‍යාප්තිය ඵලදායීව නැවැත්වූ එහි උත්සාහය ගැන නවසීලන්තය ප්‍රශංසාවට ලක්විය. එහිදී මෙය ජනතා ජයග්‍රහණයක් ලෙස නවසීලන්තය ගැන අගමැති ජසින්ඩා ආර්ඩෙන් නැවත නැවතත් සඳහන් කළේ "අපේ මිලියන පහක කණ්ඩායම" ලෙසිනි.
කෙසේ වෙතත් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව, රට තුළ තහවුරු වූ ආසාදිතයන් 3,016ක් වාර්තා වී ඇති අතර, මරණ 26ක් වාර්තා වී තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය සමග ඕක්ලන්ඩ් හි එක් පුද්ගලයෙකු ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු බලධාරීන් මෑතකදී හදිසි අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කළේය. නමුත් එවැන් තත්ත්වයක් මධ්‍යයේ පවා දැන් සක්‍රීය ආසාදිතයන් 72ක් තිබේ. නගරයේ පාසල් 7ක සිසුන් අතර ධනාත්මක ආසාදිතයන් වාර්තා වී ඇති අතර, වෙලින්ටන් අගනුවරින්ද ආසාදන 6ක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අඟහරුවාදා අවසන් වීමට නියමිත ඕක්ලන්ඩ් අගුලු දැමීම බොහෝ දුරට දීර්ඝ කරන බවට නිලධාරීන් දැන් අනතුරු අඟවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හිප්කින්ස් කියා සිටියේ නවසීලන්තය තුළ වෛරසය තුරන් කිරීම තවමත් රජයේ අරමුණ බවයි.
"යථාර්ථය නම් මේ වෛරසය වේගයෙන් තවත් අයෙකුට බෝ වෙනවා. එය ක්‍රීඩාව වෙනස් කර තිබෙනවා. එයින් අදහස් කරන්නේ අපගේ දැනට පවතින ආරක්ෂාවන් ප්‍රමාණවත් නොවන බව සහ ශක්තිමත් නොවන බව පෙනෙන්නට පටන් ගැනීමයි. අපේ සැලසුම්වල දිගු කාලීන අනාගතය කෙබඳුද යන්න පිළිබඳව විශාල ගැටලු කිහිපයක් මතුකර තිබෙනවා. මොකද යම් අවස්ථාවක දී අපට අනාගතයේදී වඩාත් විවෘතව සිටීමට සිදුවෙනවා. ඒ ගැන අප සිතා බැලිය යුතුයි." අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට අනුව, පසුගිය බ්‍රහස්පතිනිදා වනවිට 960,000කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති අතර මිලියන 1.7කට ආසන්න පිරිසකට පළමු මාත්‍රාව ලබාදී තිබේ. නමුත් මිලියන 5කට ආසන්න ජනතාවගෙන් මිලියන 4කටම තවමත් නිසි ප්‍රතිශක්තීකරණයක් ලැබී නැත. විවේචකයන් එරට එන්නත ලබාදීමේ වේගය ගැන ප්‍රශ්න කරන්නේ මෙවැනි පසුබිමකය.