චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත මාත්රා 500,000ක් ලබන සතියේ හංගේරියාවට ලැබෙනු ඇතැයි අගමැති මාණ්ඩලික ප්රධානී බ්රහස්පතින්දා පැවසීය.
ඒ අනුව හංගේරියාව තුළ එන්නත් කිරීමේ වැඩසටහනක් හැකි ඉක්මනින් ආරම්භ කිරීමට නියමිතය.
චීනයේ කොවිඩ්-19 එන්නත භාවිත කළ යුරෝපා සංගමයට අයත් ප්රථම රට හංගේරියාව වනු ඇත.
හංගේරියාව විසින් රුසියාවේ ස්පුට්නික් වී එන්නත මාත්රා මිලියන 2ක්ද මිලදී ගෙන ඇති අතර, ඉන් මාත්රාවන් 200,000ක කොටසක්ද මේ මාසයේ දී එරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.