කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතය නිසා ලොව පුරා පුද්ගලයින් 196,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව, 2,800,000කට ආසන්න පිරිසක් ආසාදනය වී ඇති පසුබිමක හොංකොං සිට නිව්යෝක් දක්වා මේ මොහොතේ කොරෝනා වසංගතය ආශ්රිත තොරතුරු කිහිපයකි මේ.
WHO නව එන්නත් ප්‍රතිචාරයට සහාය
කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර වශයෙන් එන්නත්, රෝග විනිශ්චය සහ චිකිත්සාව සංවර්ධනය කිරීම සඳහා වූ නව ප්රයත්නයක් දියත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කිරීමෙන් පසුව ලොව පුරා රාජ්‍ය නායකයන් සහ ප්‍රකට ආයතන හා පුද්ගලයන් ඊට සහාය දක්වා තිබේ. බිල් සහ මෙලින්ඩා ගේ්ට්ස් පදනමද ඊට සහාය දක්වයි.
රමසාන් වුවත් ඉන්දුනීසියාව සීමා දමයි
ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන ඉන්දුනීසියාව ශුද්ධ වූ රාමසාන් මාසය ආරම්භය සනිටුහන් කළද, කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊයේ දින සිට එරට දේශීය මාර්ග, ගුවන් හා මුහුදු ගමන් තාවකාලිකව තහනම් කර තිබේ.
ඉතාලියේ වෛද්‍යවරු 150ක් බිලි
කොරෝනා වෛරසය වැළඳීමෙන් අවම වශයෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 150ක් මියගොස් ඇති අතර ඉතාලි වෛද්‍යවරුන්ගේ සංගමයට අනුව සියලු ආසාදිතයන්ගෙන් 10%ක් පමණ වෛද්‍ය වෘත්තිකයන්ය.
ලන්ඩනයේ ගෘහස්ත හිංසනය වැඩිවෙලා
කොරෝනා වෛරස් පැතිරීම නැවැත්වීම සඳහා සීමාවන් හඳුන්වා දුන් දින සිට ලන්ඩන් පොලිසිය 4,000කට අධික පිරිසක් ගෘහස්ථ අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
KLM ගුවන් සමාගම රැකගැනීමට ණයක්
කොවිඩ් -19 අර්බුදය අතරතුර එයාර් ෆ්රාන්ස්-කේඑල්එම් සමූහය සහ එයාර් ෆ්රාන්ස් ගුවන් සේවය රැකගැනීම සඳහා ඇ. ඩොලර් බිලියන 7.5ක ණය මුදලක් ලබාගැනීමට කටයුතු කළ බව ගුවන් සමාගම නිවේදනය කරයි.
ඖෂධ බෙදාහැරීමට ඩ්‍රෝන යානා
වෛරසය සමග සටන් කිරීමේදී අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ බෙදාහැරීම සඳහා එක්සත් රාජධානියේ රජය විසින් ඩ්‍රෝන යානා භාවිත කිරීමට සැලසුම් කරයි.
ඇමෙරිකාවෙන් වෙන්ටිලේටර්ස්
එක්සත් ජනපදය විසින් ඉක්වදෝරය, එල් සැල්වදෝරය සහ ඉන්දුනීසියාව යන රටවල නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව එම රටවලට අවශ්‍ය වෙන්ටිලේටර්ස් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.