සූවස් ඇළෙහි සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීමට උත්සාහ කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දීම සඳහා කැණීම් විශේෂඥයන්ගෙන් යුතු කණ්ඩායමක් අද (27දා) සූවස් ඇළට යැවීමට සැලසුම් කර ඇති බව මැදපෙරදිග ස්ථානගතව සිටින එක්සත් ජනපද නාවික හමුදාව පවසයි.
මෙම නෞකාව පසුගිය අඟහරුවාදා නාවික සැතපුම් 40ක පමණ සුළං දහරාවකට හා යාත්‍රණය අපහසු කළ වැලි කුණාටුකට හසුවීමෙන් මේ ආකාරයෙන් ඇළ හරස් කරමින් හිරවී ඇත.
කයිරෝවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා ලබාදෙන මෙම සහාය ලබාගැනීමට ඊජිප්තු රජය එකඟ වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.