ලෝකයේ වඩාත්ම වැදගත් වෙළෙඳ මාර්ගයක පිහිටි සූවස් ඇළ අවහිර කරමින් බහාලුම් නෞකාවක් සිරවීම නිසා ඇතිවූ අර්බුදය ගෝලීය වෙළෙඳාමටද දැඩිව බලපානු ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ තත්ත්වය තුළ ගෝලීය සැපයුම්දාම වෙත භාණ්ඩ ප්‍රවාහනයේදී අය කෙරෙන මිල ගණන් දැනටමත් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් රටවල ව්‍යායාම උපකරණවල සිට චීස් දක්වා සෑම භාණ්ඩයක්ම පාහේ හිඟවී ඇති බවත්, පෙර නොවූවිරූ ඉල්ලුමක් ඇතිවී තිබෙන බවත් වාර්තා වෙයි.
මෙය වඩාත්ම බලපා ඇත්තේ ආසියාවේ සිට යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පාරිභෝගික භාණ්ඩ නැව්ගත කිරීම ප්‍රමාද වීම තුළය. විශේෂයෙන්ම ඊයේ දිනය වනවිට ගෝලීය වෙළෙඳාමෙන් 12%ක් පමණ හසුරුවන ඛනිජ තෙල් සහ බහාලුම් නැව් විශාල ප්‍රමාණයක් ඇතුළු යාත්‍රා 237ක පමණ ප්‍රවාහනයට ඉඩප්රස්ථා නොමැතිව තබදයට ලක්ව තිබුණි.
කෙසේ වෙතත් සූවස් ඇළ අවහිර කරමින් සිරවී ඇති යෝද බහාලුම් නෞකාව ඉවත් කිරීමට කටයුතු කරන ගලවා ගැනීමේ කණ්ඩායම් ගත් ප්රයත්නයන් මෙතෙක් අසාර්ථක වී ඇත.
ටොන් 224,000ක නෞකාව මීටර් 400 (අඩි 1,312) දිග සහ මීටර් 59 (අඩි 193) පළල වෙයි. ඒ අනුව මෙම නෞකාව නිදහස් කිරීම සඳහා ඇළේ වැලි ඝන මීටර් 20,000ක් ඉවත් කළ යුතු බව ඇල බලධාරීහු පවසති.