යුරෝපා සංගමයේ සාමාජිකයෙකු නොවුණත් සර්බියාව දැනට යුරෝපයේ වැඩිම එන්නත්කරණ අනුපාතයක් ඇති රට වන අතර, ඔවුන් නිෂ්පාදකයන් සමඟ සෘජුව සාකච්ඡා කරමින් එන්නත් ලබාගැනීම නිසා මෙම තත්ත්වය උදාවූ බව සර්බියාවේ අගමැති කියයි.
එසේම කඩිනම් එන්නත් ප්‍රසම්පාදනය සහ ඩිජිටල්කරණයට රජය මාරුවීම එරට තුළ කඩිනම් සාර්ථකත්වය පිටුපස ඇති රහසක් බවද අග්‍රාමාත්‍ය ඇනා බ්රනාබික් පැවසීය.
"ඉතා ඉක්මනින් සර්බියාවේදී එන්නත ප්‍රසම්පාදනය අපේ රටේ ප්‍රධාන ප්‍රමුඛතාවක් ලෙස සැලකීමට තීරණය කර තිබුණා. අපි නිෂ්පාදකයන් සමග සෘජුවම සාකච්ඡා කිරීමට තීරණය කළා. ෆයිසර් සමග ගිවිසුමක් අත්සන් කළ ලොව පළමු රටවල්වලින් එකක් අප වූ අතර, ෆයිසර් එන්නත් ලබාගත් යුරෝපයේ දෙවැනි රටද අප වෙනවා." අගමැති කීය.
මීට වසර හතරකට පමණ පෙර සර්බියාව තම රජය වඩාත් ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණයට අගමැතිවරයා ප්‍රශංසා කරමින් කියා සිටියේ, මේ නිසා සමස්ත එන්නත්කරණ ක්‍රියාවලිය පුරවැසියන්ට ඉතා පහසු, ඉතා විනිවිද පෙනෙන සහ රජයට කළමනාකරණය කිරීමට පහසු ක්‍රියාවලියක් වී ඇති බවයි.
මේ අතර යුරෝපා රාජ්‍යයක් ලෙස සර්බියාව චීනයෙන්ද එන්නත් ලබාගත් අතර, චීනයේ කොවිඩ්-19 එන්නත් 500,000කින් යුතු දෙවැනි කාණ්ඩයද පසුගියදා එරටට ළඟාවිය.
සර්බියානු අගමැති ඇනා බර්නාබික් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ එන්නත් තොගය භාරගැනීම සඳහා බෙල්ග්‍රේඩ් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.