ගිනිකොනදිග සයිබීරියාවේ වනාන්තරයක් වෙත මගීන් 14දෙනෙකු සහ කාර්ය මණ්ඩලය දෙදෙනෙකු රැගත් කුඩා රුසියානු මගී ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි එරට හදිසි කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉර්කුට්ස්ක් නගරයේ සිට පියාසර කළ එල් 410 ගුවන් යානය එහි ගමනාන්තය වන කචචින්කෝයි ගම්මානයට කිලෝ මීටර් 4ක් තිබියදී මෙසේ හදිසි තත්ත්වය ඇතිවී තිබෙන බව විමර්ශකයන් පවසයි.
ප්‍රාදේශීය හදිසි සේවාවන්හි මූලික වාර්තාවලට අනුව යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, මෙම හදිසි ගොඩබෑමට පෙර කාර්ය මණ්ඩලය විසින් එය වාර්තා කර තිබේ.
මූලික මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගුවන් යානය අනතුරට පත් වීමෙන් පසු පුද්ගලයින් 11දෙනෙකු එහි සිරවී සිටි බවයි.